Trending Newsඑසැන පුවත්දේශීය

සූදු ක්‍රීඩා නියාමන පනත ගැසට් කරයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීම, තුරග තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත, සූදු ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව සූදූ ක්‍රීඩා නියාමන අධිකාරි පනත යනුවෙන් හඳුන්වාදීමට නියමිතය. සූදූ ක්‍රිඩාවලට අදාළ ආදායම් එකතු කිරීම, සූදු ක්‍රීඩාව පවත්වාගෙන යාමේ දී ඒවායේ  විනිවිඳභාවය සහ යහපාලනය පිළිබඳව සහතික කිරීම සූදු ක්‍රීඩාවලට අදාළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්විම ඇතුළු යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට මෙම සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ වී තිබේ.

පසුගිය අප්‍රේල් 21 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අධිකාරිය පිහිටුවීමට අදාළ කැබිනට් අනුමැතිය ද ලබා දී ඇති බව වාර්තා වේ.

Related posts

Younis may play on at Pakistan’s request

Mohamed Dilsad

Asia stock markets drop sharply after US falls

Mohamed Dilsad

Great Britain women beaten by US in curling

Mohamed Dilsad

Leave a Comment