විදෙස්

ඉන්දියාවේ හිටපු ජනපතිටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හට කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත.

84 හැවිරිදි වියේ පසුවන හිටපු ඉන්දීය ජනාධිපතිවරයා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇති අතර පසුගිය සතියේදී තමාව පෞද්ගලිකව හමුවූ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට සහ කොවිඩ් පරීක්ෂණයකට යොමු වන්නැයි  ඉල්ලීමක් කර ඇති බව එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කරයි.

 

Related posts

‘මිනිසුන්ට තර්ජනයක් විය හැකි’ අලුත්ම කොරෝනා වෛරසයක්

Mohamed Dilsad

නේපාල මැතිවරණයෙන් වාමාංෂික සන්ධානයට ජය

Mohamed Dilsad

ට්‍රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment