දේශීය

සාමාන්‍ය පෙළ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් තවම ලැබී නැහැ

(UTV| කොළඹ) – ලබන දෙසැම්බර් මාසයේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසැල් දරුවන්ගේ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් පමණ මේ දක්වා ලැබී නැතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාමාන්‍යයෙන් වසරකදී හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂ තුනහමාරක් පමණ ලැබෙන නමුත් මේ දක්වා ලැබී ඇත්තේ ලක්ෂ දෙකහමාරක් පමණක් බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන්ගේත් සාමනේර හිමිවරුන්ගේත් හැඳුනුම්පත් අයදුම්පත් අගෝස්තු 31ට පෙර ප්‍රධාන කාර්යාලයට හා පළාත් කාර්යාලවලට ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.

දැනට ලැබී ඇති අයදුම්පත්වල අඩුපාඩු රැසක් තිබුණු බැවින්, ඒවා ආපසු හරවා යවා ඇතැයිද ඒ මහතා කීවේය.

Related posts

PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල සහාය [RELEASE]

Mohamed Dilsad

පොලිස් නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන‍ී

Mohamed Dilsad

Leave a Comment