දේශීය

රාජිතට හා ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිට සිතාසි

(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මොහොමඞ් රූමි යන අයට ලබන 28 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (10) සිතාසි නිකුත් කරනු ලැබීය.    

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව රාජිත සේනාරත්නට හා මොහොමඞ් රූමිට එරෙහිව පසුගිය ජූලි 31 වැනිදා නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කළ අතර , ඊට අදාළව මෙම සිතාසි නිකුත් කළේය.

Related posts

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයක් ගැන ඉඟියක්

Mohamed Dilsad

රිෂාඩ් නිදහස් කරන්නැයි බල කරමින් අදත් උද්ඝෝෂණ දියත් වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment