දේශීය

නව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභිකයින්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පෙර ලබා දෙන්නැයි සියලු සභිකයින්ට දැනුම් දෙයි.

අදාළ වත්කම් , බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත ලබාදිය යුතු බව එම කොමිසම වැඩිදුරටත් පැවසුවේය.

මේ වනවිට මහ මැතිවරණයෙන් ජයගත් බොහෝ අපේක්ෂකයින් සිය වත්කම් , බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවට වාර්තා වන බව ද මෙතෙක් එම ප්‍රකාශ ලබා නොදුන් සෙසු සභිකයින්ට එම කටයුතු කඩිනම් කරන්නැයි දැනුම් දෙන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

තවද මහ මැතිවරණයෙන් ජයග්‍රහණය නොකළ අපේක්ෂකයින්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා ගැනීමේ අවසන් දිනයත් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

පරාජිත අපේක්ෂකයින් නාම යෝජනා භාරගැනීමේ දිනයේ සිට මාස 03 ක් තුළ සිය වත්මක්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ.

Related posts

කොරෝනා වෛරසය වරායෙන් පැතිරීම වැළැක්වීමට පියවර

Mohamed Dilsad

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

Mohamed Dilsad

ජෝර්ජියාවේ වෙඩිතැබූ, ළමයාගේ පියා අත්අඩංගුවට

Editor O

Leave a Comment