දේශීය

සරත් වීරසේකරට කොළඹින් අති විශිෂ්ඨ ජයක්

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රථිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරමුණ ගත්තේ අති විශිෂ්ඨ මනාප සංඛ්‍යාවක් අත්පත් කරගනිමින්.

සරත් වීරසේකර මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ විසි අටදහස් අනූ දෙකක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයට පැමිණ ඇත්තේ විමල් වීරවංශ මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව දෙලක්ෂ හැට හත්දහස් අසූ හතරක්.

තෙවන ස්ථානයට පත්ව ඇත්තේ උදය ගම්මන්පිල මහතායි. ඒ් මනාප ඡන්ද එක්ලක්ෂ තිස් හයදහස් තුන්සිය තිස් එකක ප්‍රමාණයක් ලබාගනිමින්.

විජයදාස රාජපක්ෂ , බන්දුල ගුණවර්ධන , මේජර් ප්‍රදීප් උඳුගොඩ , දිනේෂ් ගුනවර්ධන , මධුර විතානගේ , ප්‍රේම්නාත් දොලවත්ත , ගාමිණී ලොකුගේ සුසිල් ප්‍රේම්ජයන්ත සහ ජගත් කුමාර යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අනෙක් අපේක්ෂකයන් වෙයි.

කොලඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය මනාප ලැයිස්තුවේ පෙරමුනේ පසුවන්නේ සජිත් ප්‍රේමදාස මහතායි.

ඔහු ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 305,744 ක්.

එස්. එම්. මරික්කාර් මහතා මනාප අනූ හයදහස් නවසිය දහසයක්ද මුජුබර් රහුමාන් මහතා මනාප අසූ හත්දහස් පන්සිය අසූ නවයක්ද ආචාර්යය හර්ෂද සිල්වා මහතා මනාප අසූ දෙදහස් අටසිය හතලිස් පහක්ද හිමිකරගෙන තිබෙනවා.

පාඨලී චම්පික රණවක මහතා සහ මනෝ ගනේෂන් මහතා සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අනෙක් අපේකද්ෂකයන් දෙදෙනායි.

මීට අමතරව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ මනාප ඡන්ද 49,814 ක් හිමිකරගනිමින්.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

Editor O

ජීවිත හතකට පණ දී විහඟනා සඳහටම නික්ම යයි

Mohamed Dilsad

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment