දේශීය

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පෑලියගොඩ පොලිස් වසමේ අධිවේගී පාලම අසළ දී අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන “කෙසෙල්වත්තේ දිනුක”ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු “කෙසෙල්වත්තේ රයිනා” නම් 27 හැවිරිදි අක්බාර් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක්, ජංගම දුරකථන 03ක්, සිම් කාඩ්පත් 19ක් හා යතුරු පැදිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

අද (05) සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

හුබෙයි පළාතේ චීන කම්කරුවන්ට ලංකාවට නොයන්නැයි දැනුම්දීමක්

Mohamed Dilsad

මාරවිල පොලිස් වසමේ ගැටුමකින් තිදෙනෙක් රෝහලේ

Mohamed Dilsad

විභාගයක ප්‍රශ්නපත්‍රයක් පිටවේ

Editor O

Leave a Comment