දේශීය

හුබෙයි පළාතේ චීන කම්කරුවන්ට ලංකාවට නොයන්නැයි දැනුම්දීමක්

(UTV | කොළඹ) – චීන ජාතික කම්කරුවන්ට කොරෝනා වෛරස අවධානම පහව යන තුරු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින්නැයි චීන තානාපති කාර්යාලය උපදෙස් දී තිබේ.

ඔවුන් මෙරට සේවය කරමින් සිටියදී නිවාඩු ලබා නව වසර සැමරීමට චීනයට ගිය හුබෙයි පළාතේ චීන ජාතික කම්කරුවන් වේ.

චීන තානාපති කාර්යාලය පැවසුවේ වෙනත් පළාවත්වලින් සහ නගරවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට මෙරටට පැමිණ අවම වශයෙන් දින 14 ක කාලයක් නිරෝධානයක කාල සීමාවක් ගත කරන ලෙසයි.

චීන තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ රෝගී යැයි සැක සහිත පුද්ගලයින් රටින් පිටවීම වැළැක්වීම සදහා චීන බලධාරීන් විසින් සියලු ගුවන් තොටුපල හා ප්‍රවාහණ මධ්‍යස්ථානවල දැඩි පරීක්ෂණ හා ක්‍රියාත්මක කර ඇති බවයි.

වූහාන් නගරය වෙත ඇතුළුවීම සහ පිටවීම තාවකාලිකව නවතා ඇති අතර එහි වෙසෙන ජනතාවට, ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල් කරා ගමන් කිරීමට ඉඩක් නොමැති බවයි අදාළ නිවේදනයේ දැක්වේ.

එබැවින් චීන අලූත් අවුරුදු උළෙලින් පසු චීන ජාතිකයින් පැමිණීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවට බියවීමට හේතුවක් නොමැති බව චීන තානාපති කාර්යාලය අවධාරණය කර තිබේ.

Related posts

එජාප ජතිලා ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කිරීම තවත් කල් යයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම් අවසන්

Mohamed Dilsad

ඉන්දීය දුම්රිය මැදිරි පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment