දේශීය

දරුවන් වෙනුවෙන් සැකසූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංයුක්ත තැටිය පාසල්වලට

(UTV | කොළඹ ) – අද (04) කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ සමස්ත පාසල් ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් වලට අනුගත ව මේ වනවිටත් නිකුත් කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශයන්ට සමගාමී ව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ පාසල් මාර්ගෝපදේශ ඇතුළත් යහපුරුද්දෙන් සුව පැවැත්මක් නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා පාසල් වෙත බෙදාහැරීම සඳහා නිල වශයෙන් අධ්‍යාපන ලේකම්වරයා වෙත භාර දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

මෙම සංයුක්ත තැටි එළඹෙන පාසල් ආරම්භය වනවිට දිවයින පුරා සියලු පාසල් වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.

මීට අමතර ව මෙම සංයුක්ත තැටිය මගින් ලබා දී ඇති උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙතින් හෝ සංයුක්ත තැටියෙහි සඳහන් වන තීරු කේතය (Barcode) පරිශීලනයෙන් youtube වෙතින්, ද ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

Related posts

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

කාන්තාවන් ගැන අනාවරණයක්

Mohamed Dilsad

පොලිස්පතිගේ මහජන දිනය ඔක්තෝබර් 11 සිට සෑම සිකුරාදාම පොලිස් මූලස්ථානයේ දී

Editor O

Leave a Comment