දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (04) කොරෝනා වසංගත තත්වය හමුවේ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල රෑඳී සිටින පිරිස අතරින් තවත් 89 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර නිවෙස් වෙත පිටත්වයාමට නියමිතව තිබේ.

කොවිඩ් – 19 පැතිරීම ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ අද දිනය වනවිට පුද්ගලයන් 29128 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි.

ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් තුල තවදුරටත් පුද්ගලයන් 2299 දෙනෙකු රැඳී සිටියි.

මේ අතර විදේශයන්හී සිට තවත් ගුවන් මගීන් 72 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතයි.

කටාර් රාජ්‍යයේ සිට 22 දෙනෙක් , ඉන්දියාවේ චෙන්නායි සිට 32 දෙනෙක් , ජෝර්ජියාවේ සිට 17 දෙනෙක් සහ අබුඩාබි සිට පුද්ගලයෙකු මෙලෙස අද දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

Related posts

ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට ගෙවතු වගා දස ලක්ෂයක ව්‍යාපෘතියක්

Mohamed Dilsad

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අනිද්දාට

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 03 නේ එළවළු ආනයනය කිරීමට රු. මිලියන 37513ක් වැය කරලා

Editor O

Leave a Comment