දේශීයව්‍යාපාරික

ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට ගෙවතු වගා දස ලක්ෂයක ව්‍යාපෘතියක්

(UTV| කොළඹ) – කොරෝනා වයිරසය හමුවේ ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට පිළියමක් වශයෙන් රටේ ජනතාවට රටතුළම ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩ පිළිවෙලක් ලෙසින් ‘සෞභාග්‍යා ගෙවත්ත’නමින් ගෙවතු දස ලක්ෂයක් වගාකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් ඊට සමගාමීව www.saubagya.lk නමින් විශේෂිත වෙබ් අඩවියක් ද අද (02) විවෘත කරනු ලැබීය.

නාගරික සහ අර්ධ නාගරික ජනතාව ඇතුලූ සමස්ත ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී බීජ වර්ග 5 කින් යුත් බීජ පැකැට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් රුපියල් 20 ක් වැනි සහන මිලකට ලබාදෙනු ලබයි.

මීට අමතරව, තවත් වර්ග 3කින් යුත් එළවලූ පැල සහිත බදුනක් රුපියල් 20 ක සහන මිලකට කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මගින් ජනතාවට ලබාදීමට සුදානම් කර ඇතැයි ද එම අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම සියලු විස්තර www.saubagya.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

තැපැල් සේවකයින් සියලු අතිකාල සේවාවලින් ඉවත් වෙයි.

Mohamed Dilsad

කාලය ඉකුත්වූ රථ වාහන දඩ ගෙවීමේ සහන කාලය අද සිට

Mohamed Dilsad

Leave a Comment