ගොසිප්

වවුනියාව රෝහලේදී කොරෝනා සැක කාන්තාවක් මරුට

(UTV |වවුනියාව ) –  වවුනියාව රෝහලේ දී ඊයේ  මිය ගිය කාන්තාව කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය බවට සැක මතුව තිබේ.

ඇය දින ගණනාවක් පැවති උණ රෝගය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව වවුනියාව මහ රෝහල් අධ්‍යක්ෂක කේ.නන්දකුමරන් පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වවුනියාව,කට්කුලි ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි.

ඇය ඊයේ(01) රෝහල්ගතවීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.

ජිවිතක්ෂයට පත්වු කාන්තාවට දින ගණනාවක් උණ රෝගය පැවති බවට අනාවරණය වී තිබේ.

අනතුරුව මියගිය කාන්තාවගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සදහා යොමුකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

පවතින සෞඛ්‍ය අවධානම් තත්වය හේතුවෙන් මියගිය කාන්තාවගේ මළ සිරුර රුධිර පරීක්ෂණ වාර්තා ලැබෙනතෙක් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.

 

Related posts

ඔස්කාර් සම්මාන උළෙලේ රතු පලස මත විලාසිතා මැවූ නිළියෝ…

Mohamed Dilsad

බැසිල් රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ ඉඩක්

Mohamed Dilsad

රන්ජන් පොහොට්ටුවට එක්වීමේ සූදානමක්ද?

Mohamed Dilsad

Leave a Comment