දේශීය

ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

(UTV | මහනුවර) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල දිය කැපීමේ මංගල්‍යය අද (04) අලුයම මහවැලි නදියේ ගැටඹේ තොටේදී සිදුකරනු ලැබීය.

අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී 7.14 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය අවසන් වන්නේ අද පස්වරුවේ පවත්වනු ලබන පෙරහැරින්ය.

ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහර සාර්ථකව නිමාවට පත්වූ බව ජනාධිපතිවරයා වෙත සංදේශයකින් දැනුම් දෙනු ඇත.

Related posts

ධීවර කර්මාන්තයට අදාළ නියෝග රැසක් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මාලිමාවේ ”එල් බෝඩ්” විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම්කම ගැන හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

පඬු කරඳ ගස් ගැන රජයෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment