දේශීය

ධීවර කර්මාන්තයට අදාළ නියෝග රැසක් පාර්ලිමේන්තුවට

( UTV | කොළඹ ) – ලබන අඟහරුවාදා (21) කාර්මික හෝ ගෘහ ආශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට ඍජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්මතහනම් කිරීම ඇතුළු ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 9 ක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරන ආකාරයට එදින පස්වරු 1.30 සිට 6.30 දක්වා මෙම විවාදයපැවැත්වේ.

අදාළ පනත යටතේ ශ්‍රී ලංකා ජල තීරය තුළ මසුන් හා ජලජ සම්පත්වලට හානි සිදුවන ආකාරයෙන් කිසිදු අපද්‍රව්‍යයක් බැහැර කිරීමහෝ වැඩෙන කඩොලාන පරිසර පද්ධතිය ඉවත් කිරීම, ඇතුළු කරුණු කිහිපයක් තහනම් කෙරේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ඉහළ යෑමට හේතුව

Mohamed Dilsad

ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට අනුමැතිය

Editor O

මොනරාගල රෝහලේ මුල්ගල් තැබීමකට මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති බලෙන් පනී !

Editor O

Leave a Comment