විදෙස්

ලොවටම කොරෝනා වෛරසයේ බලපෑම දශක ගණනාවක් බලපායි – WHO

(UTV | කොළඹ ) – කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑම දශක ගණනාවක් ලොව පුරා පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි හදිසි සේවා කමිටුව මේ බව ප්‍රකාශ කළේ පසුගිය මාස 6 තුළ කොවිඩ්-19 වසංගතයේ බලපෑම පිළිබඳව ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

ඊයේ (30) ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් 18 දෙනෙකු සහ උපදේශකයන් 12 දෙනෙකු ඇතුළත් එහි හදිසි සේවා කමිටුව ජිනිවා නුවර දී රැස්වූයේ කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භවීමෙන් පසු 4 වන වතාවටයි.

කොරෝනා වෛරසය ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේ චීනයෙන් පිටත ආසාදිතයන් සියයකට අඩු සංඛ්‍යාවක් සහ කිසිදු මරණයක් වාර්තා නොවුණු තත්ත්වයක් යටතේයි.

කෙසේ නමුත්, සියවසකට වරක් එළඹිය හැකි සෞඛ්‍ය අර්බුදයක් වන කොවිඩ්-19 ගෝලීය වසංගතයේ බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා පැවතිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Related posts

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

යේමන ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 22 ක් මරුට

Mohamed Dilsad

සෝමාලියා – මොගඩිෂු අගනුවර පිපිරීමකින් 30 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment