දේශීය

ලෙබනනයට පිටත්වීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සඳහා නව රෙගුලාසි

(UTV | කොළඹ) –  කොවිඩ් – 19 පැතිරයාම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ඕනෑම රටක සිට  ලෙබනන් රාජ්‍යයට පැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නව රෙගුලාසි එරට ආරක්ෂක ක්ෂේත්‍රාධිකරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.   

ඒ අනුව, 2020.07.13 න් පසු ලෙබනනයට පැමිණෙන මගීන්ට PCR පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතු අතර ඔහු/ඇය ලෙබනන් බලධාරීන් විසින් නම් කරන ලද හෝටලයක නැවති සිටිය යුතු අතර , ඒ සඳහා හෝටල් ගාස්තු ශ්‍රමිකයා විසින් ගෙවිය යුතුය.

එබැවින්, PCR පරීක්ෂණය සඳහා ගෙවීමට හා පැය 24 ක් හෝටලයක රැදී සිටීමට ප්‍රමාණවත් මුදලක් ශ්‍රමිකයා සතුව තිබිය යුතු බව දන්වා සිටියි.

PCR පරීක්ෂණය ධනාත්මක නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර, ඒ සඳහා ද ශ්‍රමිකයා විසින් ගෙවීම් සිදු කළ යුතු බවත් ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

ඉදිරි සතියේ පාසල් පවත්වාගෙන යෑම ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ඡන්දයට නිවාඩු දෙන පාසල් යළි පටන් ගන්න දිනය

Editor O

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක්

Mohamed Dilsad

Leave a Comment