දේශීය

විදුලිබල මණ්ඩලය සූර්යබල විදුලිය මිලදී ගැනීමට සැරසේ

(UTV | කොළඹ ) – ලංකා විදුලිබල මණ්ඩලයට අවම මිල ගණන් යටතේ සූර්යබල විදුලිය මිලදී ගැනීම නිසා වසරකට රුපියල් ලක්ෂ 2737 ක ලාභයක් උපයා ගැනීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

රජය විසින් මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්යබල විදුලිය මෙගවොට් 150 ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, සූර්යබල විදුලිය මිලදී ගැනීම සඳහා තරඟකාරි මිල ගණන් කැඳවීම හේතුවෙන් දිනකට විදුලිබල මණ්ඩලයට ඉතිරි වන මුදල රුපියල් හත්ලක්ෂ 50,000 ක් වේ.

ඒ අනුව, වසරකට ඉතිරි කරගත හැකි මුදල රුපියල් ලක්ෂ 2737 ක් වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේය.

Related posts

ලැප්ටොප් බෑගය බාර නොදීී, විශ්‍රාම ගිය උසස් නිලධාරියාගේ වැටුපෙන් රු. 10000ක් කපයි.

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක් අපේක්ෂකයෙක් ට වියදම් කළ හැකි උපරීම මුදල ප්‍රකාශයට පත් කරයි

Editor O

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී දරුවෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment