දේශීය

මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලයි

(UTV | කළුතර) – පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී කළුතර දකුණ මහාහීනිටියන්ගල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැති මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මත්පැන් ස්ප්‍රීතු ලීටර් 4000 ක් , මත්පැන් ලීටර් 2218 ක් , මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා යන්ත්‍ර 3 ක් , මිලිමීටර් 180 ක හිස් බෝතල් 15,150 ක් ,බෝතල් මූඩි 40,000 ක් හා රසායනික ද්‍රව්‍ය බෝතල් 04 ක්ද සැකකරුවන් සන්තකයේ තිබි අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පැවසීය.

මීට අමතරව රසයානික ද්‍රව්‍ය බෝතල් , ඇසුරුම් පෙට්ටි , රසයානික මිනුම් උපකරණ තොගයක්ද සැකකරුවන් සන්තකයේ තිබි සොයාගත් බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් අද (30) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

අද සිට සතියක් වැසුණු තවත් පාසලක්

Mohamed Dilsad

එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

මැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතුයි – මහාචාර්ය ජී.එල්. පීරිස්

Editor O

Leave a Comment