විදෙස්

සෑම මිනිත්තුවකටම ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණයක්

(UTV | කොවිඩ් 19) –  කොරෝනා වෛරසය හේතුවෙන් සෑම මිනිත්තුවකදීම ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වෛරස් ආසාදිත සමස්ත මරණ ගණන 150,000 ඉක්මවා ගොස් තිබේ. ලොව වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය දින 11 කාලයේදී වයිරස ආසාදිත මරණ 10,000 ඉක්මවා වාර්තා විය. ඉකුත් ජූනි මාසයෙන් පසු ඇමෙරිකාවෙන් වේගයෙන්ම මරණ වාර්තා වූ දින 11 ලෙස ද එම දින සැලකේ.

අවසන් සති තුන සැලකිල්ලට ගැනීමේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනිකව වාර්තා වන මරණ ගණන වැඩි වී තිබෙන නමුත් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන අඩු වී තිබේ. ඒ් අනුව ඉකුත් ජූනි මාසයෙන් පසුව පළමු වරට අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට සුදානම්

Mohamed Dilsad

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තායිලන්තය අත්හිටුවයි

Mohamed Dilsad

චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක්…

Mohamed Dilsad

Leave a Comment