දේශීය

සෞඛ්‍ය නීති රීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ

(UTV | සෞදිය) – වන්දනාකරුවන් දස දහසකගේ සහභාගීත්වයෙන් ශුද්ධවූ හජ් වන්දනාව සෞදි අරාබියේ මක්කම නුවරදී අදින් ආරම්භ වෙයි.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සෞදි පුරවැසියන් සහ ලොව පුරා රටවල් නියෝජනය කරමින් ඉස්ලාම් බැතුමතුන් මේ සඳහා සහභාගී වනු ඇත.

සාමාන්‍යයෙන් මිලියන 2ක දේශීය සහ විදේශීය බැතිමතුන් පිරිසක් හජ් වන්දනාවට වාර්ෂිකව එක්වන නමුත් කොරෝනා වසංගතය හමුවේ එය සීමා කිරීමට සෞදි රජය පියවර ගනු ලැබුවේය.

මුස්ලිම් බැතිමතුන්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් හෝ මක්කම වන්දනා කළ යුතු බවට කුරානයේ ද සඳහන් වෙයි.

Related posts

විදුහල්පති පත්වීම් ගැන අලුත් තීරණයක්

Mohamed Dilsad

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී දරුවෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment