දේශීය

එතනෝල් ප්‍රවාහනය කළ සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරේ [UPDATE]

(UTV | කොළඹ ) – පමුණුගම ප්‍රදේශයේදී එතනෝල් සහ මත්පැන් තොගයක් සමග සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය පදනම් කරගනිමින් අදාල සැකකාර නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමටත් එම සුරාබදු මණ්ඩලය භාර අධිකාරී වරයා සහ දිස්ත්‍රික්කය භාර සහකාර සුරාබදු කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමටත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

……………………………………………………………………………………………………………….

එතනෝල් ප්‍රවාහනය කළ සුරාබදු සැරයන්වරයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පෞද්ගලික ආයතනයකට අයත් එතනෝල් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටිය දී සුරාබදු දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා පමුණුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු මත්පැන් නිෂ්පාදනාගාරයකින් නීති විරෝධී ආකාරයෙන් මෙම එතනොල් සහ මත්පැන් මිලදී ගෙන ප්‍රවාහනය කරමින් සිටි බවයි විමර්ශණවලදී අනාවරණ වී ඇත.

අද (29) මොහු අදිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

Related posts

ජනමාධ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ වලට නව ලේකම්වරුන් පත් කෙරේ

Mohamed Dilsad

ආපදා හේතුවෙන් මානසික පීඩනයට පත්ව සිටීනම් 1926 අමතන්න

Editor O

තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment