දේශීයප්‍රමුඛ පුවත 3

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද අගමැති හමුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිසි බලතල නොදීම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා සිදුකරනු ඇත.

මෙම කරුණ පදනම් කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කොවිඩ් 19 මර්දන රාජකාරිවලින් සහ බෝවන රෝග පාලන කටයුතුවලින් ද ඉවත්වී සිටිනවා.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී සුභවාදී පිළිතුරක් ලැඛෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේය.

Related posts

වසර 05ක් තුල රුපියල් ට්‍රිලියන 1.2 ක වාහන ආනයනය කරයි

Mohamed Dilsad

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

Mohamed Dilsad

හිටපු ජනපති රනිල්ට, ඉහළ අධිකරණයක නඩුදාන බව නීතිපති කියයි

Editor O

Leave a Comment