දේශීය

කුරුණෑගල ගොඩනැගිල්ල පිළිබඳ වාර්තාව වැඩබලන පොලිස්පතිට

(UTV | කුරුණෑගල) – පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ කඩා දමන ලද  පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල පිළිබඳ, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකළ විමර්ශනයේ වාර්තාව වැඩබලන පොලිස්පතිවරයාට භාර දී තිබේ.

මෙතෙක් සිදු කළ විමර්ශන එම වාර්තාවට ඇතුළත් කර ඇති බවත් ,සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, දැනට පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන තිබේ.

තවත් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව ද පොලීසිය පැවසුවේය.

Related posts

සීඅයිඩී එකට වැඩ වැඩිවෙලා, 159 දෙනෙකුගේ ආචාර්යය මහාචාර්යය පට්ටම් හොයන්න වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

කලුතර අටුළුගම වැසේ

Mohamed Dilsad

නාවිකයන්ගේ පවුල්වල තවත් පිරිසක් නිරෝධායනය අවසන්කර පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment