දේශීයව්‍යාපාරික

ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් රක්ෂණ වන්දි ගෙවීම හෙට

(UTV | කොළඹ) –  ETI ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ තැන්පත්කරුවන් 38000 කට සහ සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් PLC  ආයතනයේ තැන්පත්කරුවන් 9000 කට ද රක්ෂණ වන්දි ගෙවීම හෙට (25) දිවයිනේ සියලුම මහජන බැංකු ශාඛා මගින් මගින් සිදුකෙරෙන බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් 146,000ක් පමණ වූ “ද ෆිනෑන්ස්” සමාගමේ තැන්පත්කරුවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම සිදුකරනු ලබයි.

මෙහි දී එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6 ක උපරිමයකට යටත් ව වන්දි මුදල් ලබා දෙනු ලබයි.

දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 46ක් මඟින් එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදු කරනු ඇත.

Related posts

රට ගොඩනගන දස වැදෑරුම් මතවාදයක්

Editor O

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

Mohamed Dilsad

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක බද්දෙන් නිදහස්

Mohamed Dilsad

Leave a Comment