විදෙස්

චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත වසර අවසානයට පෙර

(UTV| චීනය) –  ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය සඳහා චීනය නිෂ්පාදනය කළ එන්නත මේ වසර අවසානය වන විට නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එරට SinoPharm සමූහයේ සභාපති ලීයු ජින්ෂෙන් විසින් ප්‍රකාශකර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

එම එන්නතේ මූලික අත්හදාබැලීම් මේ වන විටත් චීන සමාගම් විසින් අවසන් කර තිබේ.

එහි අවසාන අත්හදාබැලීම් ඉදිරි මාස කිහිපය තුළ සිදුකිරීමට යෝජිතව ඇති අතර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම මේ වසර අවසානය වන විට කිරීමට හැකිවෙතැයි පැවසේ.

මේ වන විට චීනය විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් දෙකක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙන්ම බ්‍රසීලයේ ද අත්හදාබැලීම් සඳහා යොදාගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

ඊශ්‍රායලය දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

Mohamed Dilsad

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment