දේශීය

පළාත් කිහිපයකට අදත් තද වැසි

(UTV | කොළඹ ) – බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අද මහජන සම්මන්ත්‍රණ සභාවක

Mohamed Dilsad

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

මාලිමාව සහ ජවිපෙ අය, ගතවූ වසර 10 තුළ වැඩවර්ජන 360ක් කරලා

Editor O

Leave a Comment