දේශීය

කඩා දැමූ ඵෙතිහාසික ගොඩනැගිල්ල පරීක්ෂා කරන කමිටුව අද කුරුණෑගලට

(UTV | කුරුණෑගල) – කුරුණෑගල නගරයේ ඵෙතිහාසික ගොඩනැගිල්ලක් කඩා දැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු කමිටුව අද (18) ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන් පත්කළ මෙම පංච පුද්ගල කමිටුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත වේ.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර් රත්නායක, පුරා විද්‍යාඥවරුන් වන ටී.ජී කුලතුංග සහ ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය ද කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙයි.

එම ස්ථානය පහසුවෙන් ප්‍රතිසංස්කරණය කළ හැකි බව මීට පෙර සිදු කළ පුරාවිද්‍යා අධ්‍යයනයකදී තහවුරු කරගත් බව මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර ලබන 23 වැනිදාට පෙර වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයා කමිටුවට උපදෙස් දී තිබේ.

Related posts

දිනයකදී සිදු කළ වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ මෙරටදී

Mohamed Dilsad

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය (LIVE)

Mohamed Dilsad

සහනාධාර රැගත් ඉන්දීය නෞකාවක් කොළඹට

Editor O

Leave a Comment