දේශීය

අඟුලාන සිද්ධිය ගැන පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි

(UTV| කොළඹ) – පසුගිය සෙනසුරාදා අලුයම අඟුලාන ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් සිවිල් වැසියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වාර්තාවක් කැඳවා තිබේ.

කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ අද (13) දිනයේදී වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත එය ලිඛිතව යොමු කරන බවයි.

පොලිසිය විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 39 හැවිරිදි ධීවරයෙකු ජීවිතක්ෂයට පත්විය.

ඔහුගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

මෙම සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරයෙකු , කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.

Related posts

පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ පුහුණුවක්

Editor O

අගමැති ඉල්ලා අස්වෙන්නේ නැහැ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 14 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

Leave a Comment