දේශීය

අඟුලාන සිද්ධිය ගැන පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි

(UTV| කොළඹ) – පසුගිය සෙනසුරාදා අලුයම අඟුලාන ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් සිවිල් වැසියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වාර්තාවක් කැඳවා තිබේ.

කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ අද (13) දිනයේදී වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත එය ලිඛිතව යොමු කරන බවයි.

පොලිසිය විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 39 හැවිරිදි ධීවරයෙකු ජීවිතක්ෂයට පත්විය.

ඔහුගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

මෙම සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරයෙකු , කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.

Related posts

නව ආසාදිතයින් 366ක්

Mohamed Dilsad

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

Editor O

පානදුර කර්මාන්තශාලාවකුත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment