දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත

(UTV | කොළඹ ) – දිවයිනේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 04 ක පුද්ගලයින් 315 දෙනෙකු නිරෝධායනය අවසන් කර අද නිවෙස් වෙත පිටත්ව යන බව යුද හමුදාව පවසයි.

අද (13) වන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 21,683 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.

තවදුරටත් මධ්‍යස්ථාන 54 ක් තුළ පුද්ගලයින් 7105 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි [RELEASE]

Mohamed Dilsad

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විශේෂ කමිටුවක්

Mohamed Dilsad

පළාත් සභා සඳහා සුදුසු මැතිවරණ ක්‍රමය තීරණය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Editor O

Leave a Comment