දේශීයප්‍රමුඛ පුවත 2

බස් වර්ජනය තාවකාලිකව නතර කරයි

(UTV | කොළඹ) – අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු බස් රථ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට බස් සංගම් තීරණය කර ඇත.

සිය ඉල්ලීම්වලට සතියක් ඇතුළත විසඳුම් නොලැබුණහොත් යළි වැඩ වර්ජනය සිදුකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

ඊයේ (11) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය තාවකාලිකව නතර කර තිබේ.

Related posts

චීනයේ කොවිඩ් එන්නත අද දිවයිනට

Mohamed Dilsad

රජයේ ගබඩා සඳහා වී ලබාදෙන ගොවීන් වෙත සහතික මිලට වැඩියෙන් රුපියල් 2ක් වී කිලෝවකට ගෙවනවා. – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

Editor O

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂවල සහය ගන්නේ නැහැ – ටිල්වින් සිල්වා

Editor O

Leave a Comment