දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර ඉහළ යාමක්

(UTV | කොළඹ ) – කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි 56 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට ආසන්න පිරිසක් පී සී ආර් පරීක්ෂණවලට ලක් කර ඇති අතර එහිදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත.

තවද අද පෙරවරුවේ මාරවිල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගෙන ඇති අතර ඇය ද කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේය.

Related posts

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

පස් කඳු කඩා වැටීමෙන් කතක් සහ දරුවෙකු මිය යයි

Mohamed Dilsad

මහ මැතිවරණයට ඇමරිකාවෙන් සුභ පැතුම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment