දේශීය

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (08) නියෝග කරනු ලැබීය.

මීට අමතරව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් නිලධාරියා ලබන 14 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නාය.

Related posts

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

Mohamed Dilsad

කොරෝනා එන්නත්වලට වියදම කෝටි 7600 ක්

Mohamed Dilsad

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment