දේශීය

විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ ) – විදුලිසැර වැදීමෙන් මාවනැල්ල – හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (07) පස්වරුවේ මෙම පුද්ගලයා තැබෑරුමක් අසළ පිහිටි ලදු කැලෑවකට ගිය අවස්ථාවේ සතුන් දඩයම් කිරීමට ඇද තිබූ අනවසර විදුලිරැහැනක ගැටීමෙන් මෙම අනතුරට ලක් වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ 60 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ විදුලි රැහැන ඇද තිබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

පිළිකාකාරක පොල්තෙල් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට සූදානම්

Mohamed Dilsad

පාකිස්තාන අගමැතිගේ ආරක්ෂක නිලධාරීන් දිවයිනට

Mohamed Dilsad

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment