දේශීය

දිස්ත්‍රික්ක පහකට නව විශ්ව විද්‍යාල 5 ක්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 5 ක නව විශ්වවිද්‍යාල ඉදිකිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.

ඒ අනුව කළුතර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට හා මුලතිව් යන දිස්ත්‍රික්කවල එම විශ්වවිද්‍යාල ආරම්භ කෙරෙනු ඇත.

ඒවායේ සැලසුම් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 5 ක් පත්කර ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

ඉසෙඩ් ලකුණු පදනම් කර ගනිමින් මෙම විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර නොගන්නා අතර උසස් පෙළ සමතුන්ට ප්‍රවීණතා විභාගයක් පවත්වා එහි ලකුණු මත අතුළත් කිරීම් සිදුකෙරෙනු ලැබේ.

එක් එක් විශ්වවිද්‍යාල සඳහා උපාධි පාඨමාලා හා ඩිප්ලෝමා පාඨමාලා අදාළ දිස්ත්‍රික්කයේ රැකියා වෙළඳපොළ පාදක කර ගනිමින් සකස් කෙරෙනු ඇත.

Related posts

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි.

Editor O

මහර සියලු රැඳවියන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

Mohamed Dilsad

අගමැති රනිල් ශානක්කියන් ට සැරවෙයි

Mohamed Dilsad

Leave a Comment