විදෙස්

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

(UTV | බ්‍රසීලය) – බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සනාරෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

බ්‍රසීල ජනාධිපතිවරයා උණ රෝගයෙන් පෙළුණද ඔහු යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යැයි ද එරට මාධ්‍ය වාර්තා පවසයි.

බ්‍රසීල ජනාධිපතිවරයා නව කොරෝනා වයිරසයේ බරපතළකම ගණනකට නොගත් ලෝක නායකයකු ලෙස සැලකෙන අතර තමන්ට ඇත්තේ සාමාන්‍ය උණක් පමණක් යැයි ද පැවැසීය.

රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බ්‍රසීල ජනාධිපතිවරයා කොවිඩ් -19 පරීක්ෂණයකට භාජනය කර ඇත.

එම පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව ඔහුට කොරෝනා වෛරසය ඇති බවට තහවුරු විය.

ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වෛරස් ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

Related posts

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ හේතුව මෙන්න

Mohamed Dilsad

පළමු වරට මියන්මාර හමුදා පාලකයා ජාතිය අමතයි

Mohamed Dilsad

චීන නායකයෙකු වසර 14 කට පසු උතුරු කොරියාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment