විදෙස්

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

(UTV | බ්‍රසීලය) – බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සනාරෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

බ්‍රසීල ජනාධිපතිවරයා උණ රෝගයෙන් පෙළුණද ඔහු යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යැයි ද එරට මාධ්‍ය වාර්තා පවසයි.

බ්‍රසීල ජනාධිපතිවරයා නව කොරෝනා වයිරසයේ බරපතළකම ගණනකට නොගත් ලෝක නායකයකු ලෙස සැලකෙන අතර තමන්ට ඇත්තේ සාමාන්‍ය උණක් පමණක් යැයි ද පැවැසීය.

රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බ්‍රසීල ජනාධිපතිවරයා කොවිඩ් -19 පරීක්ෂණයකට භාජනය කර ඇත.

එම පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව ඔහුට කොරෝනා වෛරසය ඇති බවට තහවුරු විය.

ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වෛරස් ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

Related posts

ට්විටර් ග්‍රාහකයන්ගේ ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

Mohamed Dilsad

අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Mohamed Dilsad

ජල්ලිකට්ටු සම්බන්ධයෙන් වන නව පනතක්

Mohamed Dilsad

Leave a Comment