දේශීයප්‍රමුඛ පුවත 1

විදුලිබල කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරි නීතිය පැවති සමයේ විදුලි බිල්පත් ගාස්තු ගැටලු සම්බන්ධයෙන් මහජනතාව ඉදිරිපත් කළ පැමිණිලි පිළිබද සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත.

විදුලි බිලට සහන ලබාදීම සම්බන්ධ කරුණු ගණනාවක් මෙම කමිටු වාර්තාවට ඇතුලත් බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

වාර්තාවේ නිර්දේශ පිළිබද කැබ්නට් මණ්ඩලයේ ස්ථාවරය අනුව ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

අදාළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (07) දිනයේ භාරදෙනු ලැබීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, වැඩි වූ විදුලි බිලට ලබා දෙන සහන මේ සතියේ ප්‍රකාශයට පත් කරන බවයි.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර දෙකයි

Mohamed Dilsad

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට

Mohamed Dilsad

ජනපති කෙන්යා ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment