විදෙස්

ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට

(UTV | ඉඩාහෝහි) –  ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 08 දෙනෙක් මිය ගොස් ඇස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානා දෙක ගැටීමෙන් පසු ඉඩාහෝහි කොයුර් ඩී ඇලීන් ප්‍රාදේශයේ විලකට වැටී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙන අතර , ගුවන් යානා දෙකෙහි මගීන් අට දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සිට ඇති බව මූලික වාර්තා වලදී අනාවරණය වී තිබේ.

මියගිය අය අතර වැඩිහිටියන් හා ළමුන් ද සිට ඇති අතර අනතුරින් දිවි ගලවා ගත් අය නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම ගුවන් අනතුරට හේතුව විමර්ශකයින් විසින් මෙතෙක් තහවුරු කර නොමැති අතර වැවට කඩා වැටීමෙන් පසු ගුවන් යානා අඩි 127 ක ජලයේ ගිලී ඇත.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබයි.

Related posts

ලොව පුරා කොරෝනාමරණ සංඛ්‍යාව 250000 ඉක්මවයි

Mohamed Dilsad

මෙතෙක් කල් හෙළි නොවූ කොරෝනා එන්නත්වල මිල ගණන්

Mohamed Dilsad

Whatsapp, Facebook වෙළඳ දැන්වීම් නතර කරයි

Mohamed Dilsad

Leave a Comment