දේශීය

සමුද්‍රීය අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට

(UTV | කොළඹ) – නෞකාවලින් මුදා හැරෙන සමුද්‍රීය අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද (07) සිට ආරම්භ වෙයි.

මෙම අපද්‍රව්‍ය ආදායම් මාර්ගයක් බවට පත් කරලීමේ අරමුණ ඇතිව අද සිට මෙම විශේෂ පරීක්ෂා වැඩසටහන ආරම්භ කෙරෙන අතර , සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය , නාවික හමුදාව , වෙරළාරක්ෂක දෙපාර්තම්න්තුව , මධ්‍යම පරිසර අධිකාරිය , රේගුව , වරාය අධිකාරිය සහ පොලිසිය ඒකාබද්ධව එය ක්‍රියාවට නංවනු ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අනුව මෙරට පිහිටා ඇති සමුද්‍රීය අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 28 කි.

වාර්ෂිකව මෙරට මුහුදු තීරයේ තිබී එක්රැස්වන තෙල් ප්‍රමාණය ඝණ මීටර් 26 දහස් 904 ක් පමණ වන අතර අපද්‍රව්‍ය ප්‍රමාණය ඝණ මීටර් 7404 ක්.

Related posts

මන්ත්‍රී අර්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

Editor O

රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකු හොරකම කළ බවට මම කිසිම වෙලාවක කියලා නැහැ – ඇමති බන්දුල ගුණවර්ධන

Editor O

ජපානයෙන් මෙරටට ප්‍රදානයක්

Mohamed Dilsad

Leave a Comment