දේශීය

සමුද්‍රීය අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට

(UTV | කොළඹ) – නෞකාවලින් මුදා හැරෙන සමුද්‍රීය අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද (07) සිට ආරම්භ වෙයි.

මෙම අපද්‍රව්‍ය ආදායම් මාර්ගයක් බවට පත් කරලීමේ අරමුණ ඇතිව අද සිට මෙම විශේෂ පරීක්ෂා වැඩසටහන ආරම්භ කෙරෙන අතර , සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය , නාවික හමුදාව , වෙරළාරක්ෂක දෙපාර්තම්න්තුව , මධ්‍යම පරිසර අධිකාරිය , රේගුව , වරාය අධිකාරිය සහ පොලිසිය ඒකාබද්ධව එය ක්‍රියාවට නංවනු ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අනුව මෙරට පිහිටා ඇති සමුද්‍රීය අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 28 කි.

වාර්ෂිකව මෙරට මුහුදු තීරයේ තිබී එක්රැස්වන තෙල් ප්‍රමාණය ඝණ මීටර් 26 දහස් 904 ක් පමණ වන අතර අපද්‍රව්‍ය ප්‍රමාණය ඝණ මීටර් 7404 ක්.

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ සරසවි නිලධාරියෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 31 ක් වැලිසර නාවික හමුදා කඳවුරේ

Mohamed Dilsad

පොලිසියේ බැලුම් තිබුණෙම නැද්ද කියල හාර හාර අහන්න එපා…! – නලින්ද ජයතිස්ස…

Editor O

Leave a Comment