දේශීය

සමුද්‍රීය අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට

(UTV | කොළඹ) – නෞකාවලින් මුදා හැරෙන සමුද්‍රීය අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද (07) සිට ආරම්භ වෙයි.

මෙම අපද්‍රව්‍ය ආදායම් මාර්ගයක් බවට පත් කරලීමේ අරමුණ ඇතිව අද සිට මෙම විශේෂ පරීක්ෂා වැඩසටහන ආරම්භ කෙරෙන අතර , සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය , නාවික හමුදාව , වෙරළාරක්ෂක දෙපාර්තම්න්තුව , මධ්‍යම පරිසර අධිකාරිය , රේගුව , වරාය අධිකාරිය සහ පොලිසිය ඒකාබද්ධව එය ක්‍රියාවට නංවනු ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අනුව මෙරට පිහිටා ඇති සමුද්‍රීය අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 28 කි.

වාර්ෂිකව මෙරට මුහුදු තීරයේ තිබී එක්රැස්වන තෙල් ප්‍රමාණය ඝණ මීටර් 26 දහස් 904 ක් පමණ වන අතර අපද්‍රව්‍ය ප්‍රමාණය ඝණ මීටර් 7404 ක්.

Related posts

කෘෂිකර්මය දියුණු කරද්දී රාජ්‍ය පෞද්ගලික අංශ කඹ අඳින්න එපා

Mohamed Dilsad

ජුනි 5 සහ 6 සියලුම සුරාසැල්, මස් මාංශ අලෙවිසැල් , සමාජ ශාලා වැසේ

Mohamed Dilsad

අදත් මෙරටින් ආසාදිතයින් 797 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment