දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

(UTV | කොවිඩ් 19 ) – ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියන 11 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ලොව පුරා මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි එකලොස් ලක්ෂ අසූ දහස් පනස් පහකි.

ලොව පුරා කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 528,376 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රසීලය ,බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය යන රටවලින් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

ගෝලීය කොරෝනා මරණ අතරින් හතරෙන් එකක් ඇමෙරිකාවෙන් වාර්තාවීම ද විශේෂත්වයකි.

Related posts

රුපියල් කෝටි 3ක කොල්ලය – CCTV

Mohamed Dilsad

ට්‍රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයි

Mohamed Dilsad

ආණ්ඩුව කළ ගෙවීම්

Mohamed Dilsad

Leave a Comment