දේශීයව්‍යාපාරික

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

(UTV | කොළඹ) – ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලද පැමිණිලි මත අදාල වැටලීම් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සෑම වානේ නිෂ්පාදනාගාරයකින්ම ලබාගත් සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ප්‍රමිතියට අනුකූල නොවන ආකාරයෙන් දගර වානේ නිෂ්පාදනය කරන්නන් සහ අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Related posts

කටුනායක ගුවන් තොටුපොළේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක්

Mohamed Dilsad

ත්‍රීපෝෂ සමාගම ඈවර කරන බවට පළවන ප්‍රවෘත්තිවලට අදාළව, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment