දේශීය

වසන්ත කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අද (29) පෙරවරුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමේ දී පළිගැනීමේ චේතනාවෙන් යුතුව තමන්ට එරෙහිව කටයුතු කර ඇති බව පවසමින් වසන්ත කරන්නාගොඩ විසින් ජනපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඊට අදාළව සාක්ෂි ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Related posts

රට වසා දැමීමට අවශ්‍යතාවයක් නැහැ : චන්න ජයසුමන

Mohamed Dilsad

2023-24 මහ කන්නයේ, වගා හානි වූ බිම් ප්‍රමාණය අක්කර 100,000 ඉක්මවයි. ● වන්දි ගෙවීමට රුපියල් බිලියන 02ක්

Editor O

වෘත්තිකයන්ගේ බලපත්‍ර අවලංගුකර, වාහන ගෙන්වන්නේ, ජවිපෙ පක්ෂ කාඩර්වරුන්ට දෙන්නද..? – පාඨලී චම්පික

Editor O

Leave a Comment