දේශීය

ජනවාරි සිට මේ දක්වා කොරෝනා මරණ 11 යි – ඩෙංගු මරණ 23 යි

(UTV| කොළඹ) –  මේ වන විට දිස්ත්‍රික්ක හතක් ඩෙංගු අධි අවදානම් කලාප බවට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මහනුවර එම දිස්ත්‍රික්කයන් වන අතර පවතින වැසි සමග තවදුරටත් ඩෙංගු අවදානම ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

පවතින කඩින් කඩ වැසි සමග රට පුරා යළි ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ද පවතියි.

මෙම වසරේ මේ වන තෙක් ඩෙංගු මරණ 23 ක් වාර්තා වී තිබෙන අතර , රෝගීන් 21,000 ඉක්මවා ඇති බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කර සිටියි.

කොරෝනා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකින් මේ වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

Related posts

නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට නව ක්‍රියා පටිපාටියක්

Mohamed Dilsad

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මැ.කො. අතර සාකච්ඡාවක්

Editor O

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment