දේශීය

බන්ධනාගාරය තුළදී රැදවියෙකු ගෙල වැළලාගෙන සිය දිවි නසාගනී

(UTV | මොනරාගල) – මොනරාගල බන්ධනාගාරය තුළදී රැදවියෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙම රැදවියා විසින් බන්ධනාගාර රෝහල් වාට්ටුව තුළ දී ගෙල වැලලාගෙන ඇති අතර පසුව ඔහු මොනරාගල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත.

ජීවිතක්ෂයට පත්වූ රැඳවියා මීට පෙර අවස්ථාවකදී ද බන්ධනාගාරය තුළ දී සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහු බකිණිගහවෙල, මැදගම පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙක් වෙයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල බන්ධනාගාරය සහ මොනරාගල පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

ජපානයෙන් මෙරටට ප්‍රදානයක්

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 7 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

ඇමති-මන්ත්‍රී සඳහා ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමේ තීරණයක

Editor O

Leave a Comment