ගොසිප්

මදුගසා කොටි දඩයම් කර දත් අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු

(UTV | කොළඹ) – පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සමඟ කඳුකරයේ කොටි මදුගසා මරා දත් නිය ඇතුළු කොටස් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනී යන බව පරිසරවේදීන් චෝදනා කරයි.  

මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතිතැයි පෙනීයන බවත් , වාර්තා නොවී හොර රහසේ කරන ලද දඩයම් ප්‍රමාණය කිසිසේත් වාර්තා නොවී පවතිනු ඇති බවත් පරිසරවේදියකු මෙන්ම සත්ව සංරක්ෂකවරයකු ද වන රුක්ෂන් ජයවර්ධන මහතා පැවසීය.

මධ්‍ය කඳුකරයේ දී මදුවලට අසුවී සිටින කොටි මුදාගැනීමේ දී මියයන්නට හේතුව ඒ සඳහා පැමිණෙන නිලධාරින් අදාළ ස්ථානයට ළගාවීම ප්‍රමාදවීම බවත් වහා පිළියම් යෙදිය යුත්තේ ඒ සඳහා බවත් ඔහු පෙන්වා දුන්නේය.

කඩිනමින් වනජීවී කාර්යාලයක් මධ්‍ය කඳුකරයේ ආරම්භ කර එහි පශූ වෛද්‍ය අංශයේ නිලධාරින් ඇතුළු මනා පුහුණුවක් ඇති කුඩා කණ්ඩායමක් සිටිය යුතු බවත් , එම කණ්ඩායම ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටිය යුතු බවත් රුක්ෂාදන් ජයවර්ධන මහතා

පෙන්වා දුන් ඒ මහතා එම කණ්ඩායම ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටිය යුතු බවත් පැවැසීය.

වන සත්ව ගහණයේ කොටියා වැනි සුවිශේෂී සතුන් රැකගන්නට නම් ඉහත කී කරුණු ගැන වහා අවධානය යොමු විය යුතු බව රුක්ෂන් ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රී තරඟ බිමට

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැපදී සම්පායෝ අයකර ගත් මුදල්

Mohamed Dilsad

බැසිල් 6 වැනිදා දිවුරුම් දෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment