දේශීය

පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන විවෘත කිරීමට සැලසුම්

(UTV | කොළඹ ) – අගෝස්තු 01 වැනි දා සිට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන පුරාවිද්‍යා ස්ථාන යළි විවෘත කිරීමට අවසර දෙන්නැයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ යටතේ යාපහුව, දඹුල්ල, සීගිරිය ,අභයගිරිය හා ජේතවනාරාමය ඇතුළු පුරාවිද්‍යා ස්මාකර ඇතුළත් කලාප යළි විවෘත කරන බව එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලු කෞතුකාගාර විවෘත කර තිබුනද ඒවා නැරඹිය හැක්කේ, අධ්‍යයන අවශ්‍යතා සඳහා පමණි.

තවද අගෝස්තු 01 වැනි දා සිට ජාතික කෞතුකාරගාරය නැවත විවෘත කිරීමට ද අවසර ඉල්ලා ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

Related posts

දෙසැම්බර් මාසයේ දී දේශපාලන වෙනසක්…?

Editor O

මෙරට කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන අනාවරණයක්

Mohamed Dilsad

ඔටෝ ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකෙරේ

Mohamed Dilsad

Leave a Comment