දේශීය

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

(UTV | කොළඹ) – බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය පට්ටිපොල සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනීමට ලක්ව තිබේ.   

දිනපතා පෙරවරු 10.15 ට බදුල්ල සිට ගමන් ආරම්භ කරන 1008 මගී ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය අද (23) පස්වරු 1.30 ට පමණ පීලි පැනිමට ලක් වී ඇත
බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පැවසීය.

පීලි පැනීමට ලක් වු නැරඹුම් මැදිරිය සෙසු දුම්රිය මැදිරිවලින් ගලවා ඉවත් කර නැරඹුම් මැදිරියේ සිටි මගීන්ව සෙසු දුම්රිය මැදිරිවලට නංවා දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට කටයුතු කරන බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා සඳහන් කරයි.

පීලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පීලි ගතකර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන මගී ප්‍රවාහන දුම්රියන් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර ඇත.

Related posts

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

MCC ගිවිසුමේ අවසන් කමිටු වාර්තාව අද ජනපති වෙත

Mohamed Dilsad

තහනම් කෙරූ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

Mohamed Dilsad

Leave a Comment