දේශීය

MCC ගිවිසුමේ අවසන් කමිටු වාර්තාව අද ජනපති වෙත

(UTV | කොළඹ ) – අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහශ්‍ර අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් එම්.සී.සී. සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව භාරදීමට නියමිතව තිබේ.

ඊයේ (24) එම වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට භාරදුන්නේය.

එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

එම්.සී.සී. සමාලෝචන කමිටුව විසින් එම්.සී.සී. ගිවිසුම, මාස හයක කාලයක් අධ්‍යයනය කර ඇති අතර ඊට විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනාද සැළකිල්ලට ගනු ලැබුවේය.

ඉන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ අධ්‍යනයකින් පසුව මෙලෙස අදාළ වාර්තාව සකස් කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කැබිනට් අනුමැතිය සහිතව පත් කළ එම්.සී.සී. සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේය.

Related posts

අමු ආහාර සැපයුම්කරු අංගොඩ රෝහලේ මුදල්වලට විදියි

Mohamed Dilsad

නීතීඥ වන්නිනායක අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලයි

Editor O

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර

Mohamed Dilsad

Leave a Comment