දේශීය

මහ ඉඳුරුව විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කෙරේ

(UTV | කොස්ගොඩ) – කොස්ගොඩ, මහඉඳුරුව ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාසගෙය තුළදී හිමිනමක් ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ ස්වාමීන් වහන්සේ 73 හැවිරිදි වියේ පසුවන හිමිනමක් වන අතර , පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උන්වහන්සේගේ සිරුර එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබී අද පෙරවරුවේ සොයාගත් බවයි.

මළසිරුර සොයාගෙන ඇත්තේ විහාරස්ථානයට පැමිණි පුද්ගලයින් පිරිසක් ලබාදුන් තොරතුරකට අනුවයි.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර , මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

Related posts

ලබන 29 වනදා සිට කතෝලික පාසල් ඇරඹීමටත් පියවර

Mohamed Dilsad

කමිටු වාර්තා ප්‍රතික්ෂේප කරන්නේ ඉ-බ්‍රාහීම් බේරගන්නද ? – උදය ගම්මන්පිළ ප්‍රශ්න කරයි.

Editor O

බන්ධනාගාර වල ආරක්ෂාවට හමුදා විශ්‍රාමික බල ඇණියක්

Mohamed Dilsad

Leave a Comment